මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් සඳහා නව පුනරුත්තාපන මධ්‍යස්ථාන තුනක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා නව මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
 
මාතර කුරුණෑගල හා මඩකලපුව ප්‍රදේශවල එම පුනරුත්තාපන මධ්‍යස්ථාන ඉදිකරන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ.
 
එම පුනරුත්තාපන මධ්‍යස්ථාන වල පුද්ගලයින් 120 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතින ආකාරයට නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
 
මේ අතර මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ අවුරුදු 21 ට අඩු දරුවන් සදහා පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
 
එය ලබන වසරේ පළමු මාසය වන විට ආරම්භ කිරීමට නියමිත බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ.