Instagram විසින් පරිශීලකයන් 25කට Rings පිරිනමන්න යයි

Meta හිමිකාරිත්වය දරන Instagram විසින් එහි මාසික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව බිලියන තුන ඉක්මවා යෑම සමරමින් විශේෂ අංගයක් හඳුන්වා දී තිබෙනවා.

Rings ලෙස නම් කර ඇති මෙය පරිශීලකයන්ගේ නිර්මාණශිලිත්වය වෙනුවෙන් පිරිනම oscar වැනි සම්මානයක් වනවා.

මෙම Ring එක Instagram පරිශීලකයන් අතුරින් තෝරා ගත් පරිශීලකයන් 25දෙනෙකුට පමණක් පිරිනැමෙනවා.

මෙහි දී ඔවුන්ට ඉංග්‍රීසි විලාසිතා නිර්මාණ ශිල්පිනී Grace Wales Bonner විසින් නිර්මාණය කරන ලද මුදුවක් මෙන්ම, ඔවුන්ගේ Instagram profile සහ stories වලට ඩිජිටල් රන් මුදුවක් ද ලෙස ලබා දීමට නියමිතයි.

මෙම ජයග්‍රාහකයන් Chen, Wales Bonner සහ Instagram හි ප්‍රධානි Adam Mosseri ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් තෝරා ගැනීමට නියමිතයි.