යුක්රේනයේ ලපයිව්කා ගම්මානයට එල්ල වුණු දැඩි රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 15 හැවිරිදි දැරියක් ඇතුළු එකම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු වන බවයි වාර්තා වෙන්නේ.
එසේම දස දහස් ගණනක් විදුලිය නොමැතිව සිටින බවයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ.
මෙම ප්‍රහාරය අතරතුර දී පෝලන්ත ගුවන් කලාපයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා යුක්රේනයේ අසල්වැසි පෝලන්තය ප්‍රහාරක ජෙට් යානා ද ගුවනට යොදවා තිබුනා.
ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ ආරක්ෂක අංශ සඳහන් කළේ යුක්රේන හමුදා සහ යටිතල පහසුකම් ඉලක්ක වෙත “දැවැන්ත” ප්‍රහාරයක් සාර්ථකව සිදු කළ බවයි.
රුසියාව මිසයිල 50 කට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රහාරක ඩ්‍රෝන 500 ක් පමණ යොදා ගනිමින් මෙම ප්‍රහාර මාලාව සිදු කර තිබෙනවා.

