රළු මුහුදු ප්‍රදේශ ගැන අවවාදාත්මක නිවේදනයක්

ධීවර ජනතාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා එම මුහුදු ප්‍රදේශවල රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙනවා.