TikTok හි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බවට මානව හිමිකම් ව්‍යාපාර කණ්ඩායමක් වන Global Witness විසින් සිදු කළ නවතම අධ්‍යනය දී අනාවරණය වී තිබෙනවා.
එම පරික්ෂකයන් විසින් ව්‍යාජ ළමා ගිණුම් නිර්මාණය කර ආරක්ෂක සැකසුම් සක්‍රිය කළ නමුත් තවමත් ලිංගිකව පැහැදිලි සෙවුම් යෝජනා (search suggestions) ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.
එම ළමා ගිණුම් විසින් කිසිදු ලිංගික දේවල් හා සම්බන්ධ යමක් සෙවුම් නොකරම ඔබ කැමති විය හැකි (you may like) යන කොටසේ ප්‍රසිද්ධියේ ලිංගිකකරණය කළ සෙවුම් වචන TikTok විසින් නිර්දේශ කර තිබෙනවා.
එලෙස suggestions ලෙස පැමිණි වීඩියෝ වල කාන්තාවන් ස්වයං වින්දනය අනුකරණය කරන අයුරු, කාන්තාවන් පොදු ස්ථානවල තම යට ඇඳුම් ගලවා ප්‍රදර්ශනය කිරීම, ඔවුන්ගේ පියයුරු පෙන්වීම ආදී දේ තිබු බවයි මෙම අධ්‍යනයෙන් හෙළිව ඇත්තේ.
එසේම ලිංගික හැසිරීම් පෙන්වන වීඩියෝ වෙත පවා TikTok විසින් මෙම ළමා ගිණුම් වලට යාමට ඉඩ ලබා දී තිබෙනවා.

