අභිනව අස්ගිරි අනුනාහිමිට සන්නස් පත්‍ර ප්‍රදානය අද

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියන් හට සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය අද (03) පැවැත්වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අති පූජනීය මහා සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්, විපක්ෂ නායක තුමන්, මැති ඇමැතිවරු, දෙස් විදෙස් ආරාධිතයන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

මෙහි පෙරහැර ගමන් ගැනීම හේතුවෙන් මහනුවර පාසල් රැසක් අද දහවල් 12 ට අවසන් කරනවා.