වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,007.5ක වාහන ආනයන කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව දක්වා ඇත.
මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් ලෙස සටහන් වී තිබෙනවා.
2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින්,
ජනවාරි – ඩොලර් මිලියන 29.1
පෙබරවාරි – ඩොලර් මිලියන 22.3
මාර්තු – ඩොලර් මිලියන 54.0
අප්‍රේල් – ඩොලර් මිලියන 145.6
මැයි – ඩොලර් මිලියන 125.2
ජූනි – ඩොලර් මිලියන 169.6
ජූලි – ඩොලර් මිලියන 206.0
අගෝස්තු – ඩොලර් මිලියන 255.7

