පිලිපීනයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 26ක් ජීවිතක්ෂයට

මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 150 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම වසර 100 කට වඩා පැරණි පල්ලියක් ඇතුළුව ගොඩනැගිලි 22කට ද හානි සිදු වී තිබෙනවා.

භූමිකම්පාව හේතුවෙන් විදුලිය ඇනහිටීම් ද සිදු වූ අතර පළාතේ සමහර ප්‍රදේශ වලට් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කිරිමට් බලධාරීන් පියවර ගෙන තිබුණා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ සෙබු දූපතේ උතුරු කෙළවරේ 90,000 ක් පමණ පදිංචිකරුවන් සිටින නගරයක් වන බෝගෝ අසල භූමිකම්පාව සිදු වූ බවයි.

මේ අතර පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවයි.