අද සිට බස් ටිකට් අනිවාර්යය වෙයි

බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා.

එලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන්ට ද දඩ පනවන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේ.

මේ අතර අද සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු‍ම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද අනිවාර්ය කර තිබෙනවා.