අනිද්දා සිට බස් ටිකට් අනිවාර්යය වෙයි

ඔක්තෝබර් 01 වැනිදා සිට මගී ප්‍රවේශ පත්‍ර ලඟ තබා ගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරැන්ට රුපියල් 750ක දඩයක් සහ ප්‍රවේශපත්‍රයක් නොගෙන යන මගියෙකුට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 100ක දඩයක් නියම ‌කෙරේ.