පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
එසේම ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

