සැප්තැම්බර් වැඩිහිටි දීමනාව අද

මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අද (25) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.

මේ අනුව රුපියල් තුන් බිලියන දාහතර මිලියන දෙසිය හැට දහසක මුදලක් ප්‍රතිලාභීන් 602,852 ක් අතරේ බෙදා හැරීමට නියමිතයි.