දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලින් ඊයේ (24) දිනයේ දී පුද්ගලයින් 1,006ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (24) දිනයේ වාර්තාව පහත පරිදි වේ.
පරීක්ෂා කල පුද්ගලයින් ගණන 28,669
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1,006
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 31
අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 378
අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 223
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් 63
අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් 20
රථවාහන වෙනත් වැරදි 4364

