කොරෝනා මරණ 8ක් වාර්තා වෙයි – 107 දක්වා ඉහළට

තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 107කි.

මියගොස් ඇති අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වේ.

ඔවුන් අතර 36 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්ද විය.