කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර සැතපුම් 03 දම්වැල් 33 ස්ථානයේ පිහිටි බී දාබරේ මාවත (නාරාහේන්පිට දුම්රිය ස්ථානය අසල) දුම්රිය හරස් මාර්ගය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් අද (24) ප.ව.08.00 සිට 2025.09.25 දින පෙ.ව.05.00 දක්වා මහා මාර්ගය වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථ වාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

