ඉන්දියාවේ පැවති 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි බොලිවුඩ් නළු Shah Rukh Khan සමත් වී තිබෙනවා.
ඒ 2023 වසරේ තිරගත වූ Jawan චිත්‍රපටය සඳහායි.
බොලිවුඩයේ දශක තුනකට පසු ඔහුට හිමි වූ පළමු ජාතික සම්මානය මෙය වීම විශේෂත්වයක්.
12th Fail චිත්‍රපය වෙනුවෙන් Vikrant Massey ද හොඳම නළුවා සම්මානය දිනා ගනු ලැබුවා.

එසේම මෙහි දී Mrs. Chatterjee vs Norway චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් Rani Mukerji සිය පළමු ජාතික සම්මානය දිනා ගනු ලැබුවා.


