ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී විම සඳහා පෙරේදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊයේ දිනයේ ඔහු ඇමරිකාව වෙත ලඟා වුණා.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.

එසේම අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකට ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාවේ සංචාරයෙන් අනතුරුව ජපානයේ නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.