සම සුදු කර ගැනීමට භාවිත කරන “වයිට්නින්” (ක්‍රීම්) ආලේපනයන් ගර්භනී මව්වරුන් භාවිත කළහොත් කුසතුළ සිටින දරුවාට එය සෘජුවම බලපෑම් ඇතිකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අජිත් අලගියවන්න මහතා පවසනවා.
ගර්භනී සමයේදී මෙම ආලේපනයන් භාවිත කිරිම මඟින් කුස තුළ සිටින දරුවාගේ මොලයේ වර්ධනය, මතක ශක්තිය හීන වීමට, ඇවිදීමේ අපහසුතාවන්, වැනි ක්‍රියාකාරකම් බොහෝමයකට බලපෑම් ඇතිකල හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම මෙම ආලේපනයන් තුළ රසදිය විශාල වශයෙන් අඩංගු වන අතර රසදිය යනු සිරුරට ඉතා අහිතකර දෙයක් බව ද ඔහු අවධාරණය කරනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ හේතුවෙන් එම ආලේපනයන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු නොකරන බවයි.
ගර්භනී කාලය තුළ රුධිර ගමනා ගමනය ඉතා වේගයෙන් සිදුවෙන බැවින් ආලේපනයන්වල පවතින රසදිය ඇතුළු බැරලෝහයන් සමට උරා ගැනීම වේගයෙන් සිදුවෙන බව ද විශේෂඥවරයා පෙන්වා දෙනවා.

