පොලිස්පති ගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම්වලට අදාළව ඊයේ (17) දිනයේ රථ වාහන වැරදි 4019ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
එහි දී බීමත් රියැදුරන් 38 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 45 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම වරෙන්තුකරුවන් 277 දෙනකු, විවෘත වරෙන්තුකරුවන් 156 දෙනෙකු ද අපරාධ සම්බන්ධයෙන් 790 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඊයේ දිනයේ පුද්ගලයන් 28,172 දෙදෙනකු පරීක්ෂා කර තිබෙනවා.

