Meta විසින් තම කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බල ගැන්වෙන නව Smart Glasses range එකක් හඳුන්වා දී තිබෙනවා.
Meta හි අලුත්ම event එක වූ Meta Connect හි දී මෙම නවතම උපාංග හඳුන්වා දී තිබෙනවා.
එහි දී මේ එක යටතේ Ray-Ban Meta Display, Ray-Ban Meta Gen 2 සහ Oakley Meta Vanguard ලෙස කණ්නාඩි වර්ග තුනක් හඳුන්වා දී තිබෙනවා.
මෙහි Meta Ray-Ban Display කන්නාඩි දෙක සම්පූර්ණ වර්ණ අධි-විභේදන තිරයක් සමඟ පැමිණෙන අතර එමඟින් පරිශීලකයන්ට video calls ගැනීමට සහ messages බලා ගැනීමට ද හැකි වනවා. එසේම එහි megapixel 12 ක කැමරාවක් ද සහිතයි. මේ සමඟම neural wristband එකක් ද ලැබෙනවා.
එය සැප්තැම්බර් 30 වන දා සිට මිල දී ගත හැකි අතර එහි මිල ඩොලර් 799ක් ලෙසයි දැක්වෙන්නේ.
එසේම Ray-Ban Meta Gen 2 කන්නාඩියේ මිල ඩොලර් 299 සිට ඉහලට ඇති අතර දැන් එය මිල දී ගැනීමට හැකි වනවා. එය එදිනෙදා වැඩකටයුතු සඳහා සුදුසු බවයි Meta සඳහන් කරන්නේ.
Oakley Meta Vanguard කන්නාඩි විශේෂයෙන් ක්රීඩා කටයුතු වල එනම් බයිසිකල් පැදීම වැනි ක්රීඩාවල නිරත වෙන අය වෙනුවෙන් නිෂ්පාදනය කර ඇත.

