කොළඹ ප්රදේශ කිහිපයකට අනිද්දා (18) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් කරනවා.
අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබා ගන්නා ප්රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටු වීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටු වීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
ඒ අනුව පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා පැය 09ක කාලයක් තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇත.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
එසේම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පල කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා සිටී.

