මේ වසරේ වී මිල දී ගන්න රජයෙන් රුපියල් මිලියන 6,000ක්

2025 වර්ෂයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,000ක් රජය විසින් වෙන් කර තිබෙනවා.

මේ වන විට ඉන් රුපියල් මිලියන 5,288ක් වැය කරමින් වී අලෙවි මණ්ඩලය විසින් දිස්ත්‍රික්ක 16ක වී මෙට්‍රික්ටොන් 43,891ක ප්‍රමාණයක් මිල දී ගෙන අවසන් කර තිබෙනවා.

එසේම දැනට අස්වනු නෙළමින් පවතින පොළොන්නරුව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන කලාපවලින් යල කන්නයේ ඉදිරි කාලසීමාව තුළ වී අස්වනු මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් සකස් කර තිබෙනවා.

රජයේ සහතික මිල ගණන් යටතේ තවදුරටත් 2025 යල කන්නය තුළ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.