උදේ කෑම එක කියන්නේ skip නොකර අනිවාර්යයෙන් ගන්න ඕනි දෙයක්. කොහොම වුණත් දැන් තියෙන කාර්යබහුලත්වය නිසා උදේ කෑම එක ගොඩක් වෙලාවට miss වෙනවා.
මේ කියන්න යන්නේ විනාඩි 10ක් වගේ පොඩි කාලයකින් හදා ගන්න පුළුවන් රසම රස breakfast රෙසිපි එකක් ගැන.
මේකේ හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයකුත් තියෙන නිසා ගොඩක් සුදුසු වෙනවා.
මේ හතරදෙනෙක්ට අවශ්‍ය ප්‍රමාණය, ඔයාට අවශ්‍ය විදිහට අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 04
බටර් මේස හැඳි 2 (අවශ්‍ය නම් මාජරින් ගන්නත් පුළුවන්)
ගාන ලද cheddar චීස් කෝප්ප 1 ½
mayonnaise මේස හැඳි 1 ½
හදන විදිහ
oven එක 375°F ට preheat කර ගන්න. baking tray එකේ parchment paper තියලා සකස් කර ගන්න.
සකස් කළ tray එක උඩ පාන් පෙති තියන්න.
සෑම පාන් කැබැල්ලකම බටර් හොඳින් ගා ගන්න.
වෙනත් භාජනයක් ගෙන ගා ගාත් චීස් සහ mayonnaise එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පස්සේ මේ මිශ්‍රණය පාන් වල උඩට දාන්න. පුළුවන් තරම් ඒකාකාරී ප්‍රමාණයකට එන්න දානවා නම් හොඳයි.
දැන් චීස් දිය වී බුබුලු වන තෙක් සහ පාන් ටෝස්ට් වන තෙක් මිනිත්තු 8-10 ක් පමණ මේක oven එකේ තියලා තියන්න.
රස්නෙන් ම පිළිගන්වනවා නම් ගොඩක් හොඳයි.


