දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (15) සිට 17 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන හරහා විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගත හැකි වනවා.
මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1985.09.15 සිට 2007.09.14 උපන් අයට) අයදුම් කළ හැක.
එසේම ඔවුන් නඩු නිමිත්තක වරදකරුවෙකු වී දඩ මුදල් ගෙවිමක්, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, වර්ණ අන්ධතාවය, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇඟිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මඟින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හා E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලයද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතුය.
විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, ඉදිරියට අවම මාස 3ක කාලයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් ඡායාරූපයක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වේ.
විභාග ගාස්තුව රු.8,428.40 ක් වන අතර, ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වනවා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

