කොළඹ කොටස් වෙළෙඳපොළ අද පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (11) දින ඒකක 127.51 කින් පහත වැටුණා.

ඒ අනුව අද දිනය අවසන් වන විට එය ඒකක 20,641.83ක් ලෙසයි සටහන් වුණේ.

එය ප්‍රතිශතයක් ලෙස0.61% ක පහළ යෑමක් වනවා.

අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙස දැක්වුණා.