සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ප්‍රධාන සාධක හයක් මත පදනම්ව ගෙන ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රත්නායක පැවසුවේ.
ඒ අනුව කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් කරන වාහන සඳහා පිටත්වීමට පෙර මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවයි.
එසේම බස් රථ පමනක් නොව විනෝද චාරිකා, විශේෂ චාරිකා සඳහා යන බස් රථ සහ මගීන් 10ක් 20ක් පමණ රැගෙන යන වෑන් රථ සඳහාද මෙම යෝග්‍යතා සහතිකය අනිවාර්ය වනවා.
මෙම පරික්ෂාවන් මහා පරිමාණ පරීක්ෂාවන් නොව, ටයර්, දර්පණ සහ තිරිංග වැනි අත්‍යවශ්‍ය පරීක්ෂා කිරීම් මෙයට ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

