පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකත්වයෙන් යුත් සන්ධානයේ නාමයෝජනා ලැබූ CP රාධක්‍රිෂ්ණන් ඉන්දියාවේ නව උපජනධිපතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඉහළ සහ පහළ මන්ත්‍රී මණ්ඩලවල සාමාජිකයින්ගෙන් සමන්විත සාමාජිකයින් 781 දෙනෙකුගෙන් යුත් මැතිවරණ මණ්ඩලයෙන් වලංගු ඡන්ද 452ක් ලබා ගනිමින් ඔහු මෙම තනතුරට පත් වුණා.
ප්‍රවීණ දේශපාලනඥයෙකු වන රාධක්‍රිෂ්ණන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වත්මන් ආණ්ඩුකාරවරයා වනවා.
සෞඛ්‍ය හේතූන් මත මින් පෙර උපජනපති ධුරය දැරූ ජග්දීප් ධන්කර් ජූලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

