මධ්‍යම බස් නැවතුම්පොළ තාවකාලිකව වෙනත් තැනකට

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ හෙට (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්. ටී. චන්ද්‍රසිරි මහතා දැනුම් දෙනවා.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන කොළඹ මධ්‍යම බස් නැවතුම්ලේ අලුත්වැඩියා කටයුතු හේතුවෙනුයි.

මෙහිදී බස් නැවතුම්පොලේ සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදු කරන අතර එම කටයුතු පහසුවීම පිණිස මෙසේ බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් හිස්කරන්න ගුවන් හමුදාවට ලබාදීම සිදුකරන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.