ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඉල්ලීමක්

පවතින වියළි කාළගුණික තත්වය හමුවේ අරපිරිමැමෙන් ජලය පරිහරණය කරන ලෙසට  ජලසම්පාදන හා ජලා පවාහන මණ්ඩලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පානිය ජලසැපයුම් සඳහා ජලය ලබා ගනු ලබන ජලාශවල ජලමට්ටම පහත යෑම හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවලට ජලසැපයුම අඛණ්ඩව සැපයීමට නොහැකිවන බවයි ජලසම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශිය ඉංජිනේරු ජගත් ස්වර්ණලාල් මහතා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වලට ජලය සැපයීම සීමා කිරීමට සිදු වන බව ද ඔහු පවසනවා.

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගය දෙපස හා ඒ අවට ගම්මාන, ලුණුගම්වෙහෙර, රන්මිහිතැන්න, කිරින්ද, අඟුණකොලපැලැස්ස මුරවැසිහේන,  කටුටකඩුව  ඇතුළු ප්‍රදේශ රැසකට පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීමේ කටයුුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.