ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා.
එහි පළමු තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර ඊට ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං කණ්ඩායම් අයත් වෙනවා.
“A” කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය සැප්තැම්බර් 13 වන දා පැවැත්වෙනවා. ඒ බංගලාදේශ කණ්ඩායමත් සමඟයි.
තරඟ කාලසටහන පහතින්,



