සැප්තැම්බර් පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වෙයි

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (09) ආරම්භ වීමට නියමිතයි.

අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද දිනයේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂණ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට නියමිතව තිබෙනවා.

එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

එසේම හෙට (10) දිනයේ දී සමථකරන, සිවිල් සහ වානිජ ආරවුල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ අනිද්දා (11) දිනයේ දී ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දිනයේ පාර්ලිමේන්තුවේ දී කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද සඳහන් වනවා.