තවත් 428 කට සුවයි

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඉන් වැඩි පිරිසක් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් පිටව ගොස් ඇති අතර එම සංඛාව 64ක් වේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 20,171කි.

අද දිනයේ සුවය ලැබු ආසාදිතයින් සමග රෝහල්ගල සමස්ත ආසාදිතයින් ගණන 5,587ක් දක්වා අඩුවිය.