UNHRC 60 වන සැසිවාරය අද සිට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වන සැසි වාරය අද (08) ආරම්භ වනවා.

මෙම සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා එක්වන අතර එහි දී හෙතෙම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

එසේම සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.