යුක්රේනයේ ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලකට රුසියාව පහර දෙයි

යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි රජයේ ප්‍රධාන ගොඩනැගිලිවලින් එකකට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය හේතුවෙන් නගරයේ මධ්‍යම ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල වන්නේ කලාතුරකින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම නගරයේ වෙනත් ස්ථාන කිහිපයකට ද ප්‍රහාර එල්ල වී ඇති අතර එහි දී මහල් නිවාස සංකීර්ණයක් අර්ධ ලෙස විනාශයට පත්ව තිබෙනවා.

ප්‍රහාර වලින් ළදරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන Kryvyi Rih වෙත ද රුසියාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.