අද ප්‍රදේශ හයකට ඉර මුදුන් වෙයි

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද (07) දහවල් 12:08 ට මිරිස්ස, කඹුරුගමුව, මාතර, දෙවුන්දර, ගන්දර, සහ තලල්ල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.