බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතෙන් 585ක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් නිධාරීන් 585 දෙනකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟතාවයට විසදුමක් වශයෙන් එම පුරප්පාඩු පිරවීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් 2025 අගෝස්තු 29 රජයේ ගැසට් පත්‍රයේ පලකර තිබෙන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙහි දී බන්ධනාගාර නියාමක පිරිමි තනතුරු 409 ක්, නියාමක කාන්තා තනතුරු 70 ක්, බන්ධනාගාර II පෙළ ජේලර් තනතුරු 55 ක්, II පෙළ ජේලර් කාන්තා තනතුරු 07 ක්, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන පිරිමි නිලධාරී තනතුරු 10ක්, II පෙළ පුනරුත්ථාපන කාන්තා නිලධාරී තනතුරු 03ක් සඳහා අලුතින් බඳවා ගැනීමට නියමිතය.