අගෝස්තු මාසය තුළ දී මෙරටට සංචාරකයින් 198,235ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.
මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 20.4%ක වැඩිවීමක් වනවා.
අගෝස්තු මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම පිරිස 46,473ක් වනවා. එය සමස්ත ප්‍රතිශතයෙන් 23.4% කි.
තවද, එක්සත් රාජධානියෙන් 19,764ක්, ජර්මන් 12,500ක්, චීනයෙන් 12,294ක් සහ ප්‍රංශ ජාතිකයින් 10,495ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,566,523ක් දක්වා ඉහළ ගෝ තිබෙනවා.

