හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් හෙට (03) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිමා වනු ඇත,

  • පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර ඇති බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ පිහිටි බස්නැවතුම වෙත රැගෙන යාම.
  • 2025.09.03 වන දින පස්වරු 0200 සිට පස්වරු 0700 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන ගමනා ගමනය සීමා කිරීම (කන්ටේනර් රථ හා ටිපර් රථ)