රනිල් ලබන හයවෙනිදා විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ලබන 06 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

ඒ ඵදිනට යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර උත්සවය අමතමිනුයි.

වර්තමානයේ රට හමුවේ පවතින අභියෝග ඇතුළු කරුණු කාරණා රැසක් මෙම විශේෂ ප්‍රකාශයට ඇතුළත් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

එසේම ඒ සම්බන්ධයෙන් දැනට විවේකී සුවයෙන් නිවසට වී ගත කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.