පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා වෙයි

පේරාදෙණිය සිට මහනුවර අතර පිහිටි ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන මස 5,6 සහ 7 යන දිනවල දුම්රියන් දෙකක් පමණක් පේරාදෙණිය සහ මහනුවර අතර ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව, ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් දෙක පමණක් මෙලෙස අදාළ දිනවල ධාවනය සීමා කෙරෙනු ඇත.

ඒ අනුව මෙම දුම්රියන්වලින් මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන්ට බස් රථ හරහා ප්‍රවාහන පහසුකම් සලසා දී තිබෙනවා.

එසේම බදුල්ල සිට පැමිණෙන උඩරට මැණිකේ දුම්රිය දහවල් 12.58ට පේරාදෙණියට පැමිණ විනාඩි 32ක කාලයක් එම දුම්රිය ස්ථානයේ නවත්වා තබා 11.30ට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් මහනුවර දක්වා ධාවනය කර මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.