පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් සිදුකරන අනීතික හා විෂමාචාරි ක්‍රියාවන් ගැන පැමිණිලි කිරීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා.
අල්ලස් ඉල්ලීම්, ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම්, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාර නොගැනීම, මෙන්ම භාරගෙන ඇති පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෙම ඒකක ස්ථාපිත කරන බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ.
වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මෙන් විශේෂ ඒකක ලෙස මෙය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

