49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (29) ගාල්ල දඩල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ එළිමහන් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙහි අවසන් අදියර යටතේ කාන්තා සහ පිරිමි මලල ක්‍රීඩා ඉසව් සියල්ල අද(29), හෙට(30) සහ අනිද්දා(31) යන දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාරගේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වී. ප්රේමචන්දිරන්ගේ මෙහෙයවීමෙන් මෙම ක්‍රීඩා උලෙළ සංවිධානය කර තිබෙනවා.
49වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 31 (ඉරිදා) පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

