හිටපු දකුණු කොරියානු ජනපතිගේ බිරිඳට අධිචෝදනා

දකුණු කොරියාවේ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ගේ බිරිඳ වන කිම් කියොන් හී (Kim Keon Hee) ට අල්ලස් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවකට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඇය එම චෝදනා වලට වැරදිකරු වුවහොත් වසර ගණනාවකට ඇයට සිර දඬුවම් ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ගේ  සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන සිර ගත කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ යුද නීතිය පැනවීමේ අසාර්ථක උත්සාහයක් හේතුවෙන් අප්‍රේල් මාසයේදී හිටපු ජනාධිපති යූන් සුක් යෝල් බලයෙන් පහ කරනු ලැබූ අතර ඔහුට ඒ සම්බන්ධයෙන් දැනටමත් නඩු විභාග කරමින් පවතිනවා.