රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.47 සිට රු. 298.49 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 306.01 සිට රු. 306.03 දක්වා ඉහළ ගොස් තිබේ.