දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක්

දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මිය ගිය පිරිස අතර Al Jazeera, සහ Reuters යන ජාත්‍යන්තර මාධ්‍ය වල මාධ්‍යවේදීන් පස් දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුල් ප්‍රහාරයකින් කිහිප දෙනෙකු මිය ගිය අතර පසුව කළ ප්‍රහාරයෙන් එතනට පැමිණි ගලවා ගැනීමේ මෙහෙයුම්කරුවන් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ඊශ්‍රායලය විසින් පසුව නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඔවුන් දක්වා ඇත්තේ ප්‍රහාර කිසිසේත් මාධ්‍යවේදීන් ඉලක්ක කර නොගත් බවයි.