මේ රස්නේ කාලේ අපේ සම ඉක්මනින්ම වේලෙන්න බලනවා. ඒ නිසා moisturizer එකක් භාවිතා කරන එක වයස් භේදයකින් තොරව අපි හැමෝටම වැදගත් දෙයක්.
ඉතින් අද අපි මේ ලිපියෙන් අර ගෙන ආවේ කොහොමද ඔයාගේ සමට වඩාත් ගැලපෙන moisturizer එකක් තොර ගන්නේ කොහොමද කියල.
ඊට කලින් අපි ඔයාට තියෙන්නේ මොන වගේ සමක් ද කියලා දැන ගෙන ඉමු. ප්‍රධාන වශයෙන් අපේ සමේ ස්වාභාවය අනුව වර්ග හතකරට බෙදන්න පුළුවන්.
වියළි සම (Dry Skin): ස්වභාවයෙන්ම තෙල් ගතිය අඩුයි. මෙවැනි සමක් තද ගතියකින්, රළු පෙනුමකින් සහ පොතු ගැලවෙන ස්වභාවයකින් යුක්ත වෙන්න පුළුවන්.
තෙල් සහිත සම (Oily Skin): තෙල් ගතිය වැඩි නිසා දිලිසෙන සුළුයි. මෙවැනි සමක සිදුරු (pores) විශාල වෙන්න පුළුවන්. ඒ වගේම කුරුලෑ (acne) ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා.
සාමාන්‍ය සම (Normal Skin): තෙල් හෝ වියළි බවක් නැති, සමබර සමක්. තද ගතියක් හෝ රළු ස්වභාවයක් දැනෙන්නේ නැහැ.
මිශ්‍ර සම (Combination Skin): සමේ සමහර කොටස් (නළල, නාසය, නිකට – T-zone) තෙල් සහිතයි, නමුත් කම්මුල් වැනි අනෙක් කොටස් වියළි ස්වභාවයක් ගන්නවා.
ඉතින් මේ එක් එක් සමට ගැලපෙන moisturizer එකක් මෙන්න මේ විදිහට තෝරා ගන්න පුළුවන්.
1. වියළි සම සඳහා
වියළි සමට වැඩි තෙතමනයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඝනකම වැඩි (thick) සහ oil-based moisturizer එකක් තෝර ගන්න එක සුදුසු වෙනවා. Shea butter, Hyaluronic acid, Glycerin, Ceramides සහ Lactic acid වැනි සංඝටක අඩංගු moisturizer එකක් තෝරා ගන්න එක හොඳයි. මේවා සමට ගැඹුරින් තෙතමනය ලබා දී, ඒ තෙතමනය රඳවා ගන්න උදව් කරනවා.
2. තෙල් සහිත සම සඳහා
තෙල් සහිත සමට “oil-free” සහ “non-comedogenic” (සමේ සිදුරු අවහිර නොකරන) යනුවෙන් සඳහන් කර ඇති, water-based හෝ gel-based එකක් වගේ lightweight moisturizer එකක් තෝරා ගන්න. Salicylic acid, Niacinamide, සහ Hyaluronic acid වැනි සංඝටක අඩංගු moisturizer, සමේ තෙල් පාලනය කරමින් සමට අවශ්‍ය තෙතමනය රඳවා ගන්න උදව් කරනවා.
3. සාමාන්‍ය සම සඳහා
සාමාන්‍ය සමට, සමබර තෙතමනයක් ලබා දෙන, සැහැල්ලු lotion එකක් තෝරා ගන්න පුළුවන්. Hyaluronic acid, Glycerin සහ Vitamin C වැනි පොදු සම ආරක්ෂා කරන සංඝටක අඩංගු moisturizer එකක් තෝරන්න.
4. මිශ්‍ර සම සඳහා (Combination Skin)
මිශ්‍ර සමට, T-zone එකට තෙල් නැති වන ලෙසත්, වියළි ප්‍රදේශවලට අවශ්‍ය තෙතමනය ලැබෙන ලෙසත් සමබරතාවයක් ඇති කරන, gel-based moisturizer එකක් හොඳයි. නැත්නම්, තෙල් සහිත ප්‍රදේශ සඳහා gel එකකුත්, වියළි ප්‍රදේශ සඳහා cream එකකුත් වෙන වෙනම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක ටිකක් කරදර නිසා all skin types තියෙන moisturizer එකක් use කරන්නත් පුළුවන්.
ඒ වගේම තමයි ඔබේ සම වඩාත් සංවේදී නම්, වැඩි සුවඳ හෝ රසායනික ද්‍රව්‍ය අඩු, “hypoallergenic” යනුවෙන් සඳහන් කර ඇති moisturizer එකක් තෝරා ගන්න එක වැදගත් වෙනවා. මොකද රසායනික ද්‍රව්‍ය සහ අධික සුවඳ නිසා ඔයාගේ සම irritate වෙලා rashes වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
ඔබ දවල් කාලයේ පිටතට යනවා නම්, හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීම සඳහා SPF 30 ට වඩා වැඩියෙන් තියෙන moisturizer එකක් ඔයාට භාවිතා කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා ඔයාට පුළුවන් ඔයාගේ සමට ගැලපෙන හොඳ moisturizer එකක් තෝරා ගන්න.
pro tip –
ඔයාල ඇඟ සෝදා ගෙන ඇවිත් ගොඩක් වෙලෙනකම් ඉන්න එපා moisturizer එක ගාන්න, සෝදලා ඇවිත් පිහිදලා ටක් ගාලා මේක ගාන්න ඕනේ වේලෙන්න කලින්.

