හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද දිනයේ අත්අඩංගුවට ගෙන දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට සුදත්ත තිලකසිරි යන අය විසින් ඊයේ සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්රකාශයක් සිදු කර තිබුණි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ප්රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

