ගුරු උපාධි සේවයට බඳවා ගැනීම ගැන දැනුම් දීමක්

ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන වේදී උපාධි ලබා ගත් පිරිස් මින් ඉදිරියට ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් සොයා බැලූ බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

එහි වාර්තාව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී තිබෙනවා.

එසේම ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන වේදී උපාධි ලබා ගෙන ගුරු සේවයට එක්වූවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.