අලුතින් සන්නිවේදන කුළුණු 100ක්

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ එක් කුළුණක් ඉදිකිරිමට යන පිරිවැයෙන් 75% ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දරනු ඇති.

ග්‍රාමීය ප්‍රදේශද ඇතුළුව දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල මට්ටමක පවතින ප්‍රදේශවල බාධා මඟහැරවීම මෙහි අරමුණ බවයි ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ.