රුසියාව, යුක්රේනය සමඟ සාකච්ඡාවට බෑ කියයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගී වීම රුසියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේවෙතත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන් දෙදෙනාට සාකච්ඡාවක් පවත්වන ලෙස නැවත ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම ට්‍රම්ප් චෝදනා කරන්නේ රුසියානු ජනාධිපතිවරයා මෙම යුධ ගැටුම අවසන් කිරීමට උවමනාවක් නොමැති බවයි.

මින් පෙර පුටින් විසින් යුක්රේනය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණු නමුත් පසුව ඔහු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හරහා එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දී තිබෙනවා.